දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

(UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා විය. 

ඔවුන් සියලුදෙනා විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණී 18 දෙනෙක් , ඉන්දියාවේ සිට පැමිනි දෙදෙනෙක් , තුර්කිය , ක්වේට් , ඉන්දුනීසියාව යන රටවලින් පැමිණි එක් අයෙක් බැගින් ඊයේ දිනයේ නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේදී හඳුනාගත් මෙම නව රෝගීන්ද ඇතුලුව විදේශයන්ගෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් අතුරින් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස මෙතෙක් තහවුරු කරගත් සමස්ත සංඛ්‍යාව 1013 ක් බවට පත්ව තිබේ.

මේ අනුව මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2941 දක්වා ඉහළ යනු ඇත.

Related posts

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

Mohamed Dilsad

මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්

Mohamed Dilsad

රනිල් සහ අකිල ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට එයි

Mohamed Dilsad

Leave a Comment