දේශීය

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අතුරුගිරියේ දී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් 18g 730mg තිබූ බව පොලීසිය පවසයි.

අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16) සවස 5.30ට පමණ මොරටුවාහේන ප්‍රදේශයේ දී මෙම සැක සහිත යතුරුපැදිය පරීක්ෂා කර තිබේ.

අත්අඩංගුවට සැකකරු වයස අවුරුදු 28ක් වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, රසායනාගාර පිළියල කරන්නෙකු ලෙස සේවය කරන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පිළියන්දල සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට අද විශේෂ කණ්ඩායමක් යයි

Mohamed Dilsad

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

Leave a Comment