දේශීය

කුඩා ළමුන් අතර පැතිරෙන උණ රෝගයක් පිළිබඳ උපදෙස්

(UTV | කොළඹ)  – කුඩා ළමුන් අතර උණ රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ මෙය වර්ෂාවත් සමඟ පැතිරෙන බවයි.

මේ නිසා දවස් තුනකට වඩා උණ පවතීනම් වහාම ලේ පරීක්ෂාවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම රෝගී තත්වය ඉතා ඉක්මනින් තවත් අයෙකුට බෝවීමේ හැකියාවක් පවති.

එබැවින් යම් දරුවෙකු උණ රෝගී තත්ත්වයකින් පෙලෙයි නම් එම දරුවා පාසල් වෙත නොඑවා විවේකීව තැබිය යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

Related posts

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

Mohamed Dilsad

වෙලේ සුදාගේ ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment