දේශීය

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

(UTV |කොළඹ) – තවත් විශේෂ සාකච්ඡාවක් සිරිකොත මුලස්දීථානයේදී අද(13) පස්වරුවේ පැවැත්වේ.

ඒ  එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය.

ඒ අනුව මෙම රැස්වීම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැත්වෙන බව වාර්තාවේ.

අද පස්වරු දෙකට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත අතර මෙහිදී  පක්ෂය තුළ දැනට පවතින අර්බුද සම්බන්ධයෙන් කච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නොමැත.

ඒ සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගනු ඇති බව වාර්තාවේ.

Related posts

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

Mohamed Dilsad

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න රණවීර ට ඇප

Editor O

Leave a Comment