දේශීය

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

(UTV |කොළඹ) – අද(13) දිනයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් පස්වරු 2 න් පසුව මෙලෙස වැසි ඇති විය හැක.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් හමන පැ.කි.මි. 40-50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

පැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයි

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment