දේශීය

මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානීවරයෙකු වන ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ, ස්‌වාධීන රූපවාහිනී සේවයේ, ලක්‌හඬ ගුවන් විදුලියේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලයේ, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේ සභාපතිවරයෙකු ලෙසින් ද කටයුතු කර තිබේ.

1958 වසරේ මෙලොව එළිය දුටු ඒ මහතා පාසැල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. ඉන්පසු සරසවි අධ්‍යාාපනය සඳහා ඇතුළත් වූයේ රුහුණු විශ්වවිද්‍යාලයටයි.

සම්මානනීය ලේඛකයෙකු ලෙසට ප්‍රකට ඔහු විසින් සති අන්ත පුවත්පතකට රචනා කල “පැණි වළලු”තීරු ලිපිය ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

 

 

Related posts

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීමේ තීරණයක්…?

Editor O

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

Editor O

Leave a Comment