දේශීයප්‍රමුඛ පුවත 2

බන්ධනාගාර රැඳවියන් බැලීම සම්බන්ධයෙන් වන තීන්දුව අද

(UTV | කොළඹ) –  බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (10) දිනය තුළ ගැනීමට නියමිතය.

ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වැලිකඩ බන්ධනාගාරයේදී තහවුරුවීමත් සමග අනිකුත් පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් රැඳවියන් බැලීමට නැවතත් අවසර දීම පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතව ඇත.

 

Related posts

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා පොකුරක්

Mohamed Dilsad

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

පාප්තුමා තෝරා ගැනීමේ රැස්වීම මැයි 07වෙනිදා

Editor O

Leave a Comment