දේශීයප්‍රමුඛ පුවත 2

බන්ධනාගාර රැඳවියන් බැලීම සම්බන්ධයෙන් වන තීන්දුව අද

(UTV | කොළඹ) –  බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (10) දිනය තුළ ගැනීමට නියමිතය.

ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වැලිකඩ බන්ධනාගාරයේදී තහවුරුවීමත් සමග අනිකුත් පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් රැඳවියන් බැලීමට නැවතත් අවසර දීම පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතව ඇත.

 

Related posts

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

Leave a Comment