ගොසිප්

57,600 කට ඡන්ද පත්‍රිකාවත් එපා වෙයි

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 150,000 ක් තැපැල් කාර්යාලවලින් රැගෙන ගොස් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය 29 වනදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන්ගෙට බෙදීම නතර කිරීමත් සමඟම හා 57,600 ක සංඛ්‍යාවක් තැපැල් කාර්යාල 2200 කට බාරදී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා අද පැවසීය.

සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාල වෙතින් ලබාගැනීම සඳහා ඊයේ (05) පස්වරු 5.00 දක්වා අවස්ථාව ද ලබාදී ඇත.

පදිංචි ස්ථානය වෙනස්වීම නිසා බෙදීමට නොහැකිව ඉතිරි වූ මෙම ඡන්ද කාඩ්පත් රැගෙන යාමට බොහෝ දෙනා ඉදිරිපත් වී නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය 14 වනදා සිට 29 දක්වා ගෙන්ගෙට බෙදීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,226,388 ක් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද වාර්තා වෙයි.

Related posts

මදුෂ්ගේ අවසන් කටයුතු අද[PHOTOS]

Mohamed Dilsad

නුගේගොඩ රත්මලාන ඇතුළු ප්‍රදේශ කීපයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment