දේශීය

මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිශතය

(UTV| කොළඹ) –  මහමැතිවරණයේ අද (05) මධ්‍යහ්න 12 වන වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් වාර්තා වන්නේ මේ ආකාරයටයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 34% ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ප්‍රදීප් යසරත්න සදහන් කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 46% ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ 45% ක් ලෙසට වාර්තා වන අතර , කුරුණෑගල, හම්බන්තොට, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල 40% ක ප්‍රතිශතයක් මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ 45% ක් මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

මීට අමතරව දිගාමඩුල්ල 40% ක් , පොළොන්නරුව 28% ක් ,යාපනය 35% ක් ,මඩකලපුව 40% ක් ,මාතර 41% ක් ,නුවරඑළිය 48% ක් ,ලෙස වාර්තා වෙයි.

මීට අමතරව මහනුවර 43% ක් ,රත්නපුර 50% ක් ,ත්‍රිකුණාමලය 50% ක් ,කෑගල්ල 47% ක්, වන්නි 40% ක්, මොණරාගල 55% ක්, අනුරාධපුර 35% ක්, පුත්තලම 35% ක් ලෙස ද සටහන් වෙයි.

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූයේ
අද පෙරවරු 7. 00 ටයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත්ව සිටියි.

Related posts

පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment