දේශීය

කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 67 ක්

(UTV | කොළඹ) – මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (05) පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කාලයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 67 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබදව බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පැවසීය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරපත්තු, සයින්දමරුදු කල්මුණේ ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා 4 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ වීමෙහි මන්දගාමී  ස්වභාවයක් දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයින් 2200ක්  යොදවා ඇති අතර යොදවා ඇති වාහන සංඛ්‍යාව 80 කි.

Related posts

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රි M.H.A හලීම්ටත් කොරෝනා

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment