කලා

දීපිකා තෙළිඟු සිනමාවට

(UTV | කොළඹ ) – බොලිවුඩ් සුරූපී නිළි දීපිකා පදුකෝන් මේ වන විට දැවැන්ත තෙළිඟු සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබේ.

මීට දින කිහිපයකට පෙර දීපිකා සිය නව චිත්‍රපටය නිවේදනය කළ අතර එහිදී ප්‍රකාශ කර සිටියේ ඇය දකුණු ඉන්දීය නළු ප්‍රභාස් සමඟ සිනමා නිර්මාණයකට දායකවීමට නියමිත බවයි.

රුපියල් කෝටි 400 ක අයවැයක් මත සිදු කිරීමට නියමිත මෙම චිත්‍රපටය යුරෝපය පුරා රූගත කිරීමට නියමිත අතර නිෂ්පාදනය කරනු ලබන්නේ මෑතකදී වසර 50 ක් සම්පූර්ණ කළ විජයන්ති එන්ටර්ටේන්මන්ට්ස් විසිනි.

අශ්වින් නාග් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපිකාහට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් ගෙවීමට නියමිත බවත් වාර්තා වේ.

Related posts

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

ඩුබායිහි තිරගතවන පළමු බොලිවුඩ් චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’

Mohamed Dilsad

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

Mohamed Dilsad

Leave a Comment