දේශීයප්‍රමුඛ පුවත 1

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

(UTV | මීගමුව) – අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යයි.

ඔහු මීගමුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11කට පසු කුරුණෑගල නගරයේදී පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 22 වනදා වරෙන්තු නිකුත් කළේය.

Related posts

විදුලි සෝපානයෙන් ගිහින් සීගිරිය බලමු

Mohamed Dilsad

සබරගමු⁣වේ පාසල් වසයි

Mohamed Dilsad

වැල්ලවත්ත – දෙහිවල අතර දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment