දේශීය

විදෙස් ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු අද (02) දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු සහ එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ඊට අමතරව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් කටාර්හි දෝහා සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම සියලුදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

Related posts

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor O

ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පාර්සල් බෙදද්දී, මාලිමා මන්ත්‍රී, ඇයගේ අත හපාකාලා

Editor O

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment