දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.

මෙම නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහයදැක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

 

 

 

Related posts

සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

ඩයනාගේ සිද්ධිය ගැන සොයාබලන කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment