දේශීයප්‍රමුඛ පුවත 3

හෙට මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

(UTV | කොළඹ ) – මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොවිඩි නයින්ටීන් වසංගත තත්ත්වය නිසා ඇති වූ සීමාවන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබන 03 වනදා තෙක් දීර්ඝ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීම් ලැබී තිබුණි.

නමුත් පවතින නීතිමය බාධා හා විවිධ පාර්ශව විසින් එල්ල කළ විරෝධතා හේතුවෙන් ප්‍රචාරණ කාලය දීර්ඝ කිරීමට නොහැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Related posts

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

එක් දිනයකදී එන්නත්කරණයට ලක්වූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment