දේශීය

මත් ජාවාරමෙන් ඉපැයූ කෝටි ගණනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන අමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) අලුයම කොළඹ උතුර කොට්ඨාශ විශේෂ මාර්ග බාධක ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙණුවල අතරමැදියෙකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බවයි මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබේ.

වැඩිදුර විමර්ශණ සඳහා මෙම සැකකරු කොළඹ වරාය පොලිසිය වෙත භාර දී ඇත.

Related posts

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය – සජීවි විකාශය දැන් නරඹන්න

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment