දේශීය

මත් ජාවාරමෙන් ඉපැයූ කෝටි ගණනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන අමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) අලුයම කොළඹ උතුර කොට්ඨාශ විශේෂ මාර්ග බාධක ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙණුවල අතරමැදියෙකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බවයි මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබේ.

වැඩිදුර විමර්ශණ සඳහා මෙම සැකකරු කොළඹ වරාය පොලිසිය වෙත භාර දී ඇත.

Related posts

දියනෑමට ගොස් අතුරුදන්වූ මනාලයාගේ සිරුර ගොඩට ගනී

Mohamed Dilsad

බණ්ඩාරගම වෙඩි තැබීමක්…!

Editor O

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment