දේශීය

අනවසරයෙන් රැගෙන ආ කහ කිලෝ 1000 ක් නාවික හමුදා භාරයට

(UTV | මන්නාරම) –  නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් මුහුදු මාර්ගයෙන් කොවිඩ් 19 ආසාදිතයින් මෙරටට සංක්‍රමණය වීම මෙන්ම වෙරළ තීරය ඔස්සේ සිදු කරනු ලබන නීති වීරෝධි ක්‍රියා මැඩ පැවත්විම සම්බන්දයෙන් වීශේෂ අවධානය යොමුකර මුර සංචාර සිදුකරනු ලබයි.

එසේ සිදු කරන මුර සංචාරයකදී පෙරේදා මෙම සැකකරු සහ කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම් ද්‍රව්‍යක් අසුරන ලද ගෝනි කිහිපයක් සැක කටයුතු ලෙසට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු උතුරු මැද නාවික විධානය විසින් පරීක්ෂා කිරීමේදී වියළි කහ තොගය හමුවී තිබෙනවා.

කිලෝ 999යි ග්‍රෑම් 500 කින් යුත් එම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කහ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙන අතර , සිද්ධියට සම්බන්ධ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදුන් බව නාවික හමුදාව කියා සිටියේය.

Related posts

ලබන සදුදා පාසල් 15 ක් වැසේ

Mohamed Dilsad

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

Mohamed Dilsad

පහළොස්-හැවිරිදි දැරිය අපයෝජනට අදාළව තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

Leave a Comment