දේශීය

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (29) අලුයම කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට මෙරටට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේය.

මේ අතර, එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙරටට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

පොලීසියේ ලොකු පුටු කිහිපයක හදිසියේ තැන් මාරුවෙයි

Mohamed Dilsad

ගංජා චෝදනාවෙන්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වෙලා ; එම පුවත් පළ කළ විද්යුත්, මුද්‍රිත මාධ්‍ය වරප්‍රසාද කමිටුවට කැඳවන්න – ශාන්ත පද්ම කුමාර කතානායකගෙන් ඉල්ලයි

Editor O

Leave a Comment