දේශීය

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ඇඟිලි සලකුණු ඔස්සේ අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ඇඟිලි සලකුණු විමර්ශණ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ එමගින් අපරාධ 122 ක් විසඳීමට සමත් වූ බවයි.

මෙම විශේෂ මෙහෙයුම ඊයේ (26) පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ සිදුකර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 1191 ක්.

වරෙන්තුකරුවන් 402 ක් , දූෂණ නඩු සඳහා අවශ්‍ය සැකකරුවන් 539 ක් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 157 ක් මේ අතර වෙයි.

මේ අතර ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකල වැටලීම්ලින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් 539 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

Related posts

රත්තරන් මිල ඉහළට

Mohamed Dilsad

මැයි 05 සහ 06 මැතිවරණය දිනය සහ පසු දින බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරයි.

Editor O

විශේෂ මෙහෙයුමකින් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment