දේශීය

අවි නිෂ්පාදනාගාරයක් වටලයි[PHOTOS]

(UTV |රුවන්වැල්ල) -රුවන්වැල්ල ඉඹුලාගල ප්‍රදේශයේ අවි නිෂ්පාදනය ඇතුළු ගිනි අවි සැපයෙන අවි ගබඩාවක් සහ නිෂ්පාදනාගාරයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම අවි නිෂ්පාදනාගාරයේ තිබී ගිනිඅවි 08ක් සහ තවත් ඒවා නිෂ්පාදනය කිරීමට භාවිත කර ඇති ද්‍රව්‍ය එම ස්ථානයේ තිබී හමුවී තිබේ.

අත්අඩංගුවට පත් ගිනිඅවි අටෙන් තුනක් විදේශීය රටක නිෂ්පාදනය කෙරුණු බෝර 12 තුවක්කු 03ක්, ටී 56 පතුරම් භාවිතයෙන් මීටර 300ක් පමණ දුරට ඉලක්ක කළ හැකි ගල් කටස් එකක්, 0.22 ප්‍රමාණයේ රිවෝල්වර් එකක්, දේශීයව නිපදවූ තවත් ගල්කටස් ගිනි අවියක් ඇතුළු දෑ මෙහිදී සොයා ගැනුණි.

ඒවා නිෂ්පාදනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

ලබන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩවල මිල දර්ශනය [RELEASE]

Mohamed Dilsad

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

කොරෝනා ආසධිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment