දේශීය

හෙට මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිගේ පෙත්සම සලකා බැලේ

(UTV | කොළඹ ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ අද (23) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ එය කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව හෙට (24) පස්වරු 2.30ට පෙත්සම සලකා බලනු ඇත.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) වරෙන්තු නිකුත් කළේය.

Related posts

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

Mohamed Dilsad

රටට සහ සංස්කෘතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් හයේ පොතට දාලා..- අගරදගුරු

Editor O

Leave a Comment