දේශීය

සමගි ජන බලවේගයේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ ) – තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ අභියාචනයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා එම අභියාචනය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙසයි.

සම්පත් අබේකෝන් සහ මොහොමඞ් ලෆාර් යන බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රුපියල් 25,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද සමගි ජනබලවේගයේ මහලේකම්වරයාට නියෝග කර තිබේ.

Related posts

වෙඩි වැදි මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගුවනින් ලංකාවට

Mohamed Dilsad

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වා

Editor O

Leave a Comment