දේශීය

පළාත් කිහිපයකට අදත් තද වැසි

(UTV | කොළඹ ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

එක් ග්‍රාම නිලධාරි වසමකට අයවැයෙන් රු. මිලියන 200ක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Editor O

පාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]

Mohamed Dilsad

Leave a Comment