දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (20) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව , ඒ සඳහා පත් කර ඇති කමිටුව අද රැස්වී මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ද සහභාගී වන බව වාර්තා වේ.

මැතිවරණ කොමිසම විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහා නිසි බලයක් ලබාදෙන්නේ නම් මැතිවරණයට අදාළ කටයුතු සඳහා සහය ලබාදීමේ ගැටලුවක් නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේය.

කෙසේවෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

Mohamed Dilsad

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

Mohamed Dilsad

ජනවාරි අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment