දේශීය

බස්නාහිර විශේෂ වැටලීම්වලින් 409ක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අද (20) පෙරවරු 5.00 න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 409 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 153 දෙනෙකුද ඒ අතර වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,522 කුට ඊයේ දිනයේදී අවවාද කර තිබේ.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන්ද තවත් පුද්ගලයින් 1,340 දෙනෙකුට අවවාද කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේය.

Related posts

අද දිනයේ කාලගුණය

Mohamed Dilsad

සක්විතිට අධිකරණයෙන් දඬුවම් නියම කරයි.

Editor O

හිටපු කතානායක, ආචාර්යය අශෝක රංවලගේ උපාධි සහතිකය කෝ…? – ඉල්ලා අස්වී මාස දෙකක්

Editor O

Leave a Comment