දේශීය

PCR පරීක්‍ෂණ අඩාල වන ලකුණු

(UTV |කොළඹ) – කොවිඩ් ඇතුළු සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමත් සමග කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අඩාල වන තත්ත්වයක් උදා වී තිබේ.

මේ වන විට ආරම්භ කර ඇති මහජන සෞඛය පරීක්‍ෂකවරුන්ගේ වර්ජනය හේතුවෙන් දැනටමත් කොලඹ නගරයේ කොරෝනා පරීක්‍ෂණ නැවතී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා සදහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා මහත්මිය සිදු කල ප්‍රකාශයක් මුල්කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සියලු බෝවන රෝග මර්දන වැඩසටහන්වලින් ඉවත් වීමට පසුගිය සිකුරාදා තීරණය කළේය.

කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධ බලතල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලබා නෙදෙන බවට අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ මහජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කරමිනි.

මෙම තත්ත්වය මත ප‍්‍රාදේශීය මට්ටමින් සිදුකරන කොරෝනා පරීක්ෂණ කටයුතු අඩාල වීමේ ඉඩකඩක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් යෝජනාවලියක් සෞඛ්‍ය ඇමැතිවරිය වෙත යොමු කර තිබේ.

 

Related posts

රන්ජන් රාමනායක CID යට

Mohamed Dilsad

රුසියාවේ සෝචි නිවාඩු නිකේතනය අසළ තෙල් ගබඩාව, ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනි ගනී.

Editor O

දළදා වන්දනාවේ පෝලිම කිලෝමීටර් 08ක් ඉක්මවයි.

Editor O

Leave a Comment