දේශීය

පාසැල් ආරම්භ කිරීමේ තීරණය සෞඛ්‍ය බලධාරීන් සතුයි

(UTV |කොළඹ)  – ලබන සතියේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ නිර්දේශ මත බව අධ්‍යාපන බලධාරීන් පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර පැවසුවේ එම බලධාරීන් දෙන උපදෙස් මත පාසල් විවෘත කිරීමට හැකි පරිසරයක් පවතින බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

කොවිඩ් වයිරසය යළි ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් පසුගිය සඳුදා (13 වැනිදා) සිට සතියක කාලයක් පාසල් වසා තැබීමට අමාත්‍යාංශය පියවර ගත්තේය.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර කළ සැලසුමට අනුව පාසල් ආරම්භ කිරීමේ තෙවැනි අදියර ලබන සඳුදා (20 වැනිදා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම අදියර යටතේ පාසල්වලට කැඳවන්නේ 10 හා 12 ශ්‍රේණිවල දරුවන්ය.

කෙසේ වුවද එම අදියරයන් ක්‍රියාත්මක කෙරෙන්නේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලැබීමෙන් පසුව යැයි ලේකම්වරයා කීවේය.

Related posts

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ආපදාවලින් පීඩාවට පත්ව, සේවයට නොපැමිණී, රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට විශේෂ චක්‍රලේඛයක්

Editor O

Leave a Comment