දේශීය

අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්

(UTV| කොළඹ) – අඟුලාන පොලිස් ස්ථානය අසළ ප්‍රදේශවාසින් හා පොලීසිය අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අඟුලාන වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අඟුලාන පොලිසිය භාරයට ගෙන ගල්කිස්ස පොලිසිය දක්වාත් අනතුරුව මොරටුමුල්ල පොලිසිය දක්වාත් රැගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් අද අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

පොලිස් ස්ථානය අසළට රැස්වූ ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පොලිසියේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ අජිත් රෝහණ මහතාගේ ඉල්ලීම මත අදාළ නඩුව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට අවස්ථාව ලබාදී නොමැත.

Related posts

යාපනයට නව නගරාධිපතිවරයෙක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාවට දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Editor O

Leave a Comment