දේශීය

වැලිකඩ සිරකරු නඩුවේ විත්තිකරුවෙක් නිදහස් කරයි

(UTV | කොළඹ ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීයෙකු වන ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය කරනු ලැබ තිබේ.

අද (15) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තාට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව දන්වා සිටියේය.

Related posts

බීඩි මිල ඉහළට

Editor O

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක්

Mohamed Dilsad

නීතීඥවරයෙක්ට අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment