දේශීය

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා නොගන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – මැතිවරණ කාලසීමාව තුළ දී බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවට මැතිවරණ නිරික්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

එලෙස බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා විඩියෝ පට, වෙළෙඳ නිවේදන, පොස්ටර්, දැන්වීම් සඳහා යොදාගැනීම බාල වයස්කාර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට, අනන්‍යතාවට සහ අනාගතයට අහිතකර බලපෑමක් ඇති කරන බව දන්වා තිබේ.

මේ හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලුදෙනා දැනුවත් කිරිමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

Related posts

ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

Editor O

තවත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment