දේශීය

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

(UTV | කොළඹ) – අඟුලානේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් හෙට (13) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විනය පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවය.

අඟුලාන, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා පොලීසිය කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සහ පොලීසිය අතර බහින්බස්වීමක් සිදුව තිබුණි.

එහිදී පොලීසිය කළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි එම පුද්ගලයෙකු මිය ගියේය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දුන් බව පොලීසිය පැවසුවේය.

හිසට සිදු වූ වෙඩි වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මරණ පරීක්ෂණ කළුබෝවිල රෝහලේදී ඊයේ සිදු කෙරුණි.

Related posts

ගොවීන් දහසකට උපාධියක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට

Editor O

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

Mohamed Dilsad

Leave a Comment