විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා

(UTV | බොලීවියාව) –  බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ වෛරස පරික්ෂාවක දී තමා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවය.

මේ හේතුවෙන් තමන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක්ව ප්‍රතිකාර ලබන බව ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.

මේ අතර අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධික වේ.

Related posts

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

අපේ වැඩේ අපි කරන්නම්, ඇඟිලි ගහන්න එපා – චීනයෙන් අමෙරිකාවට තරවටුවක්

Mohamed Dilsad

එක්සත් ජනපද සභානායකවරයාගේ තායිවාන සංචාරය චීනය විවේචනය කරයි

Mohamed Dilsad

Leave a Comment