දේශීය

ඉතිහාසයේ පළමු වරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක්

(UTV| කොළඹ) –  ලංකා ඉතිහාසයේ පළමුවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් ඊයේ (09) එළිදැක්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  මෙය සම්පාදනය කරනු ලැබුවේය.

දීර්ඝ කාලයක සිට අවශ්‍යතාවක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය බලයේ ස්වභාවය සහ ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාර්ගෝපදේශයක් වශයෙන් භාවිත කිරීමේ හැකියාව පවතියි.

සමුද්‍රීය මූලධර්ම තුලින් රටක සමුද්‍රිය බලය යෙදවීමේ පුළුල් පරාසය හඳුනාගැනීමටත් සාගර කලාපයේ ස්ථාවරභාවය පවත්වාගැනීමටත් මහත් පිටුවහලක් වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා සඳහන් කළේය.

Related posts

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

Editor O

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සමගි ජන බලවේගයෙන් 4 කගේ නම්

Mohamed Dilsad

මත්කුඩු ව්‍යාපාරයෙන් ඉපයූ මුදල් සහ දේපල රාජසන්තක කෙරේ

Mohamed Dilsad

Leave a Comment