දේශීය

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර පුරප්පාඩු

(UTV | කොළඹ ) – විශ්ව විද්‍යාල හතක උප කුලපති ධූර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

අදාළ තනතුරු සඳහා සුදුස්සන්ගේන් ඉල්ලුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ සඳහන් කළේය.

එහෙත් මහ මැතිවරණ සමය හේතුවෙන් මැතිවරණ නීතිය අනුව සම්මුඛ පරික්ෂණ හෝ නව බඳවා ගැනීම් සිදුකිරිමේ හැකියාවක් නොමැති බව ද ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව, මැතිවරණයෙන් පසු උප කුලපති ධූර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධන පුර, යාපනය, කැලණිය, ඌව වෙල්ලස්ස, සබරගමුව, වයඹ හා සෞන්දර්ය විශ්ව විද්‍යාලවල උප කුලපති ධූර සඳහා මේ වනවිට පුරප්පාඩු පවතින බව
උප සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවේය.

එම තනතුරුවල වැඩ බැලීම සඳහා සුදුසුකම් සහිත ජ්‍යේෂ්ඨයින් පිරිසක් යොදවා ඇති බව ද මහාචාර්ය ජනිතා ලියනගේ ප්‍රකාශ කළාය.

Related posts

ජනපති ඉන්දියාවට පැමිණෙයි

Mohamed Dilsad

නෙදර්ලන්තයේ සිට විශේෂ ගුවන් යානයක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment