දේශීය

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලදී ගැනීමට අනුමැතිය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමින් සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින පුහුණු කිරීමේ හෙලිකොප්ටර් යානා 02 ක 1981 වර්ෂයේ නිෂ්පාදිත පැරණි තත්ත්වයේ පවතින නිසා ඒ වෙනුවට මෙම ගුවන් යානා හතර යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ රාජකාරි කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ගේ පුහුණුවීම් සඳහා මෙම හෙලිකොප්ටර් යානාවල අවශ්‍යතාවය මතුව ඇත.

Related posts

ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

Editor O

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

Editor O

Leave a Comment