දේශීයප්‍රමුඛ පුවත 1

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින රුබෙල්ලා සහ සරම්ප තුරන් කල දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ පළමු රටවල් 02 බවට අද (08) පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය.

මෙම රෝග 2 තුරන් කිරීමට ඉලක්ක ගත කර තිබුණේ 2023 වසරේදී වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්කරගෙන ඇත්තේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මාලදිවයිනෙන් අවසාන වරට සරම්ප රෝගියෙකු හමුවී ඇත්තේ 2009 දී වන අතර එරටින් රුබෙල්ලා ආසාධිතයෙකු අවසාන වරට වාර්තා වී ඇත්තේ 2015 දීයි.

ශ්‍රී ලංකාවෙන් අවසාන වරට සරම්ප රෝගියෙකු 2016 මැයි මාසයේදීත් රුබෙල්ලා ආසාධිතයෙකු 2017 දීත් හමුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ අදාළ රටවල සෞඛ්‍ය කාර්යල මණ්ඩල ඇතුලු වගකිව යුතු සියලු පාර්ශව මෙම ජයග්‍රහණවල කොටස්කරුවන් බවයි.

Related posts

කාලගුණය හෙට සිට වෙනස් වන ලකුණු

Mohamed Dilsad

සරසවිවලට ඇතුළත් කරගන්නා සිසුන් 12,000 කින් වැඩි කරයි

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

Leave a Comment