දේශීය

ජපානයෙන් මෙරටට ප්‍රදානයක්

(UTV | කොළඹ ) – ජපානය විසින් කොවිඩ් – 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ව්‍යසනය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා MRI Scanner,CT Scanner,Bed Side X-Ray Systems,Central Monitors,Bedside Monitors and Defibrillators යනාදී නවීන වෛද්‍ය උපකරණ සම්පාදනය වෙනුවෙන් ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360) ආධාර ලබාදීමට ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, ජපාන රජය එකඟතාවය පලකර ඇත.

අද (08) දින මෙම ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒස්.ආර්. ආටිගල සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සුගියමා අකිරා විසින් අත්සන් තබන ලදී.

Related posts

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

Mohamed Dilsad

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment