ක්‍රීඩා

තාවකාලිකව නතර කළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ ඇරඹේ

(UTV | සදම්ප්ටන් ) – අද (08) සිට කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර කි‍්‍රකට් තරග ආරම්භ වේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සදම්ප්ටන්හිදී ඒ අනුව අද ආරම්භවීමට නියමිතයි.

ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ මාස 03 කට අධික කාලයකින් පසු පැවැත්වෙන පළමු තරගය ද මෙයවේ.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය ආරම්භවීමට පෙර කොදෙව් කී‍්‍රඩකයින් දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ද යොමු කර තිබේ.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි.

ඒ අනුව ඛේටය යොදාගෙන පන්දුව පිරිමැදීම ද තහනම් වනු ඇත.

Related posts

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකුට

Mohamed Dilsad

ඔලිම්පික් බලා යන පිරිසේ මුළු වියදම ලක්‍ෂ 220 ක්

Mohamed Dilsad

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment