දේශීය

කෝටි 10කට අධික මුදල් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – විශේෂ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් මෙම සැකකරුවන් අතර සිටින බවට වාර්තා වේ.

ඔවුන් මුදල් වංචා කිරීම් , මුදල් විශ්වාසය කඩ කිරීම් , කූට ලේඛණ සකස් කිරීම් , බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රු.108,470,356.00 කි.

මෙම සැකකරුවන්ට අමතරව පොලිසිය මග හැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේදී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියළු සැකකරුවන් අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

ඖෂධ මිළදී ගැනීමටඩොලර් මිලියන 100 ක අමතර ප්‍රතිපාදන

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment