දේශීය

පේසාලේ දේවස්ථානයට පැමිණි සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට

(UTV |කොළඹ) – මන්නාරම පේසාලේ ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක ඇතුළු වූ සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(06) දහවල් යාපනය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය සෙනසුරාදා දිනයේ මෙම පුද්ගලයා එම දේවස්ථානයට පැමිණ ඇති අතර ඔහු පිළිබඳ සැක සිතී අවට ජනතාව ඔහුගෙන් විස්තර විමසා ඇත.

ඊට ටික වෙලාවකට පසුව ඔහු ආගිය අතක් සොයා ගැනීමට නොහකිවූ බව වාර්තා වුණි.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළෙමු.

එහිදී පොලිස් අධිකාරී  ජාලිය සේනාරත්න මහතා පැවසුවේ තවමත් මෙම පුද්ගලයා සොයා පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගත් තීරණයට, එජාපය කෘතඥතාව පළ කරයි

Editor O

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

වැඩබලන නීතිපතිවරයයෙක් දිවුරුම්දෙයි.

Editor O

Leave a Comment