දේශීයව්‍යාපාරික

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

(UTV | කොළඹ) – ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.

පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මෙම කම්හල මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගීත්වයක් නොමැතිව එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

ඒ සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවිය.

Related posts

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

ඉන්ධන දීමනාවෙන් බදු අය කෙරෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලංවීම ප්‍රධානීන් සහ වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි : සාකච්ඡාව අතරතුර විරෝධය පළ කර වෘත්තීය සමිති පිටව යයි…

Editor O

Leave a Comment