විදෙස්

කොරෝනා නීති කැඩූ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි

(UTV | කොළඹ ) – නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාර්ක් කොරෝනා වෙරසය මර්දනයේදී රජය දැක්වූ දුර්වලතා සහ තමා විසින් නිරෝධායන නීති කැඩීම හමුවේ එල්ල වූ විවේච්චන මත තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට පෙරද ඔහු තනතුරේ වගකීම්වලින් පහත දැමීමකටද ලක්වී තිබේ.

කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කල රටක් ලෙස නවසීලන්තය සැළකුන්ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් දුර්වල තීන්දු සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි චෝදනා එල්ල විය.

නවසීලන්තයේ මේ වනවිට සියලු නිරෝධායන සීමාද ඉවත් කර තිබේ.

නවසීලන්ත රජයට එල්ලවූ ප්‍රධානතම චෝදනාව වනුයේ වෛරසය පාලනයෙන් පසු රටට ඇතැම් පුද්ගලයන්ට ඇතුලුවීමට අවසර දීමත් සමග එරටින් නැවතත් කොවිඩ් – 19 ආසාධිතයන් හමුවීමයි.

Related posts

ලොවටම කොරෝනා වෛරසයේ බලපෑම දශක ගණනාවක් බලපායි – WHO

Mohamed Dilsad

“ඨාල්”සක්‍රියවීමෙන් මැනීලා ගුවන් තොටුපළ වැසෙයි [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් තීරණය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment