දේශීය

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – කොළඹ වරායේ සමගි බහලු පර්යන්තයේ සහ ජය බහලු පර්යන්තයේ සියලු සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ ගැන්ට්‍රි දොඹකරයක් මත නැගී විරෝධතාවයක නිරත සේවකයන් 03 දෙනාට සහය පළ කරමින් එහි “ජය”සහ “සමගි”බහාලු පර්යන්තවල සියලු සේවකයන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.

ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කළහ.

ඒ, වෘත්තීය සමිති සාමාජිකයින් තිදෙනෙකු මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟීමෙන් අනතුරුවයි.

Related posts

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

Editor O

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….

Editor O

Leave a Comment