දේශීය

රටවල් 03 ක සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද (02) අලූයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ලාංකිකයන් 21 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් යානයකිනුයි.

අලූයම 3.10 ට අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන විශේෂ ගුවන් යානය අද පෙරවරු 9.45 ට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ සිව් වැනි ගුවන් යානය වූයේ මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන පෙරවරු 10.45 ට මාලදිවයින් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයයි.

මෙම ගුවන් මගීන් සියලූ දෙනාම කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කර තිබේ.

Related posts

ඡන්දය ගැන මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය [RELEASE]

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment