දේශීයප්‍රමුඛ පුවත 2

විදුලි බිල් ගැටලු සොයා සහනයක් දීමට සිව් පුද්ගල කමිටුවක්

(UTV | කොළඹ ) – විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර විසින් මාර්තු , අප්‍රේල් සහ මැයි මාස වල විදුලි බිල්පත් ගැටලු පිළිබඳ සොයා බලා ජනතාවට සහනයක් ලබා දීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමට සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම මාසවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර විදුලි බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබුණේය.

ඊයේ (01) ඒ සම්බන්ධයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී ඇති බවයි විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේය.

අදාළ සහනය ලබාදිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම සිව් පුද්ගල කමිටුව පත් කර ඇති අතර එම වාර්තාව බොහෝ දුරට ලබන සඳුදා දිනයේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය ගැන දැනුම්දීමක්

Editor O

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

Leave a Comment