දේශීය

මෙරටට පැමිණි මගීන්ට තීරු බදු රහිත භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව

(UTV | කොළඹ ) – ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපළේ දී තීරු බදු රහිත භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

රජය විසින් මේ වන විට විවිධ රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.

නමුත් එම පිරිසට තීරු බදු රහිතව භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් 100 දෙනෙක්ට ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාව උදා කර දෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන්, ශ්‍රී ලංකා රේගුව , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනකි.

තීරු බදු රහිත භාණ්ඩ මිල දී ගැනීමේ දී මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් තම නිරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය, ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි පැවසීය.

Related posts

අණ නොතකා ධාවනය කල මෝටර් රථයේ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

Mohamed Dilsad

ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බලය ගත් රූකඩ ආණ්ඩුවක් රට ක් පාලනය කරනවා

Editor O

Leave a Comment