දේශීය

මහ ඉඳුරුව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කෙරේ

(UTV | කොස්ගොඩ) – කොස්ගොඩ, මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාසගෙය තුළදී හිමිනමක් ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ ස්වාමීන් වහන්සේ 73 හැවිරිදි වියේ පසුවන හිමිනමක් වන අතර , පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උන්වහන්සේගේ සිරුර එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී අද පෙරවරුවේ සොයාගත් බවයි.

මළසිරුර සොයාගෙන ඇත්තේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් ලබාදුන් තොරතුරකට අනුවයි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

හිටපු ඇමති රිෂාඩ් රහස් පොලිසියට කැදවීම අත්හිටුවන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Editor O

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

Editor O

Leave a Comment