දේශීය

හිමිනමකට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කහටගස්දිගිලිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (27) රාත්‍රී කාලයේදියි මෙම පහරදීම සිදුවී ඇති අතර කලක සිට පැවතෙන ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන් වේ.

පහරකෑමට ලක්වූ හිමිනම මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

අද (30)33 හැවිරිදි හා 60 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කහටගස්දිගිලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

කොරියාවේ කෘෂිකර්මාන්තයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් යැවීමට නියමු ව්‍යාපෘතියක්

Editor O

සිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයට

Editor O

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment