දේශීය

මහ මැතිවරණ අපේක්‍ෂකයින්ට කොමිසමෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – මෙවර මහ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට පෞද්ගලික මැතිවරණ කාර්යාල පවත්වා ගෙන යා නොහැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ දේශපාලන පක්ෂ සඳහා දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් එක් කාර්යාලයක් බැගින්ද, ඡන්ද පොළකට එක් කාර්යාලයක් බැගින්ද පිහිටුවිය හැකි බව ඔහු කීය.

ස්වාධීන කණ්ඩායම් සඳහා ද එම නීතිය එලෙසම වලංගු වන බවද කොමසාරිස්වරයා අවධාරණය කරයි.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට මුල් තැන දෙමින් මැතිවරණය කටයුතු පවත්වන බවද ඊට සෑම දේශපාලන පක්ෂයකම හා මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා දෙන ලෙසද කොමිසම ඉල්ලීමක් කරයි.

 

Related posts

රනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකී

Editor O

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

Mohamed Dilsad

‘මහ බැංකු අධිපති පන්නන්න ආණ්ඩුවට උවමනාවක් නෑ’

Mohamed Dilsad

Leave a Comment