දේශීය

බුස්සේ රැඳවියන් වර්ජනය අත්හරී

(UTV |කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය නවතා දමා තිබේ.

ඒ ඊයේ (26) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වලට සම්බන්ධ වෙලේ සුදා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් පිරිසක් මෙම ආහාර වර්ජනය ආරම්භ කළේය.

ඔවුන් වර්ජනයේ නිරත වෙමින් ඉල්ලා ඇත්තේ වැඩි වේලාවක් සිර මැදිරිවලින් පිටත තබන ලෙසයි.

නමුත් එම ඉල්ලීමට එකඟ නොවූ  බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ දින 3ක් ඇතුළත විසඳුම් ලබාදෙන බවයි.

එම පොරොන්දුව මත ඔවුන් මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රි ආහාර වේල ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

Related posts

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

Mohamed Dilsad

ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment